සංවිධානයේ අරමුණු :-

1. කැලණි රාජමහා විහාරස්ථානයේ පවත්වන අධිෂ්ඨාන අබතෙල් පහන් පුජාව වාර්ෂිකව සිදුකිරීම ( ශ්‍රී ලංකාවේ ගිහියන්ගේ මුලිකත්වයෙන් වසර 123 දක්වා පවත්වාගෙන ගිය එකම එක වාර්ෂික අබතෙල් පහන් පුජාව )

2. විවිධ විහාරස්ථානවල පැවැත්වෙන ධර්ම දේශනා වලට අප සමිතිය විසින් දායකත්වය ලබාදීම.

3. සදාචාර සම්පන්න සමාජයක් ගොඩනැගීම සඳහා අධිෂ්ඨාන පුර්වකව තම අධ්‍යාපනය උනන්දුවෙන් නියැලෙන දුවාදරුවන්ට අතහිත දීමක් වශයෙන් ඔවුන්ට අවශ්‍ය පාසැල් පොත්පත් හා උපකරණ කාලෝචිතව ලබාදීම.

4. සිංහල බෞද‍්ධ සමාජය හා බද්ධ වී පවතින ආර්ථික ක්‍රම සහ කෘෂිකාර්මික ජන ජීවිතය වස විසෙන් තොරව ආහාර නිෂ්පාදනය කිරීමේ ක්‍රමවේද සෑම නිවසකටම හදුන්වාදී ඔවුන් ලවා නිවසේදීම භාවිතයට හුරු කිරීම.

*** ඉහත සදහන් අරමුණු තව තවත් ආලෝකමත් කර ගැනීම සඳහා ඔබ සියලු දෙනාගේ ඉදිරි අනුග්‍රහය පතමු. ඒ සඳහා ලංකා බැංකුවේ, වාද්දුව ශාඛාවේ සද්ධා පුඤ‍්‍ඤ ප්‍රදීප පුජාකාරක සමිතිය නමින් ගිණුමක් ආරම්භ කර ඇති අතර ගිණුම් අංකය 75773296 වේ. ***

අබතෙල් පහන් පින්කමේ ඉතිහාසය

රයිගම් කෝරලයේ මොල්ලිගොඩ වෛද්‍ය චක්‍රවර්තීන් වාසය හෙබවූ වෙද දුව හෙවත් වාද්දුවේ වෙදවරුන්ටත් සුවකළ නොහැකිවූ වසංගත රෝග රටපුරා පැතිර තිබු අවධියේදී රටත් ජාතියත් රෝග බියෙන් මුදවා ගැනීමට බුදු පහස ලත් ශ්‍රී කල්‍යාණි රජමහා විහාරස්ථානයේදී ආරම්භ කල සත්‍ය ක්‍රියාවක ප්‍රතිඵලයක් වශයෙන් මෙම අබතෙල් පහන් පිංකම බු.ව. 2443 (ක්‍රි.ව. 1899) දී සීලයෙන් හා ගුණයෙන් හෙබි සුවන්දි නමින් ප්‍රසිද්ධව සිටි වෛද්‍යවරයා මුලිකත්වය ගෙන ගමේ සිටි ප්‍රභුන්ගේද සහය ලබාගෙන මෙම පිංකම ආරම්භ වූ වගයි...

කැලණිය රජමහා විහාරයේ අබතෙල් පහන් පින්කමේ පුනර්ගමනය සදහා මුලිකත්වය ගත් දායක උපාසක, උපාසිකාවන්ගේ නාමාවලිය

Product 1

අතීතයේ පැවති කැලණි පාලම

Product 2

දායක උපාසක, උපාසිකාවන්ගේ නාමාවලිය

1. ක්‍රි. ව. 1899 - 1943 , පාරම්පරික වෛද්‍ය සුවන්දි වෙද මහතා ( මුලිකව ) සමඟ එස්. අදිරියන් උපාසක මහතා ඇතුළු පිරිස

2. ක්‍රි. ව. 1944 - 1963 , එස්. ගාබ්‍රියල් මහතා ( මුලිකව ), බොතේජු වෙද මහතා හා එච්. ජී. සැමි මහතා ඇතුළු පිරිස

3. ක්‍රි. ව. 1964 - 1973 , හිදැල්ලගේ එලිස නෝනා පෙරේරා ( ලිලී ඉස්කෝලේ හාමිනේ ) මහත්මිය ඇතුළු පිරිස

4. ක්‍රි. ව. 1974 - 1976 , හෙට්ටිකංකානම්ගේ දොන් ජුලියස් ජයතිලක මහතා ඇතුළු පිරිස

5. ක්‍රි. ව. 1977 - 1980 , හිදැල්ලගේ එලිස නෝනා පෙරේරා ( ලිලී ඉස්කෝලේ හාමිනේ ) මහත්මිය ඇතුළු පිරිස ( නැවත )

6. ක්‍රි. ව. 1981 - 2013 , ජී. වී. ටී. පෙරේරා මහතා හා ඩී. ඤාණවර්ධන සිල්වා මහතා ඇතුළු පිරිස

7. ක්‍රි. ව. 2014 - මේ දක්වා , ජී. වී. ටී. පෙරේරා මහතා හා චන්දිම පෙරේරා මහතා ඇතුළු පිරිස

Product 3

කැලණිය රාජමහා විහාරයේ ඉපැරණි ස්වරූපය

අපි ගැන

ගරු සභාපති

චන්දිම පෙරේරා මහතා ( ඉංජිනේරු )

ගරු ලේකම්

එස්. චමින්ද අමරනාත් මහතා

ගරු උප ලේකම්

එන්. දේවින්ද දුලිප් කුමාර මහතා

ගරු භාණ්ඩාගාරික

ඩී. කේ. නන්දාවතී මහත්මිය

ජාතික සංවිධායක

පී. ලාල් පෙරේරා මහතා

ගරු ගිහි ආගමික අනුශාසකවරු

එම්. කේ. සෝමපාල මහතා

වී. එම්. පීරිස් මහතා

ගරු පැවිදි අනුශාසකවරු

1. පුජ්‍ය මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි

2. පුජ්‍ය මහාචාර්ය හෝමාගම ධම්මානන්ද නාහිමි

ගරු ගිහි අනුශාසකවරු

1. ජී. වී. එස්. පෙරේරා මහතා ( බස්නාහිර පළාත් සභාවේ හිටපු නියෝජ්‍ය ලේකම් - සැලසුම් )

2. ජී. වී. ටී. පෙරේරා මහතා ( රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු මාණ්ඩලික ප්‍රධානී, සාමවිනිසුරු )

මතක සටහන්

විදුලි ආලෝක පුජාව

පැදකුණු කිරීම

ධාතු කරඬුව වැඩම කරවීම

කප්රුක් පුජාව

අබතෙල් පාත්‍රයට දැමීම

ඖෂධ පරිත්‍යාග කිරීම

පැරණි චාරිත්‍ර ඉටුකිරීම

පළමු අබතෙල් පහන නාහිමියන් අතින් දැල්වීම

ධර්මානුශාසනාව සිදුකිරීම

අබතෙල් පහන් දැල්වීම

සත්‍ය ක්‍රියාව

විභීෂණ දේව පුජාව

මණි අක්ඛික දේව පුජාව

පිරිකර පුජා පෙරහැර

කිරි ආහාර පුජා පෙරහැර

උදෑසන ධර්මානුශාසනාව

උදෑසන දානමය පින්කම

බෙහෙත් ඖෂධ භාරදීම

ධර්ම දේශනා පින්කම

පොත්පත් බෙදා දීම

115 වෙනි අබතෙල් පහන් පින්කම

116 වෙනි අබතෙල් පහන් පින්කම

ධර්ම දේශනා පින්කම (2017.09.24)

117 වෙනි අබතෙල් පහන් පින්කම

118 වෙනි අබතෙල් පහන් පින්කම

ධර්ම දේශනා පින්කම (2023.03.18)

අප අමතන්න

ඇමතුම් විස්තර

සද්ධා පුඤ්ඤ ප්‍රදීප පුජාකාරක සමිතිය

පිරිවෙන පාර, මොල්ලිගොඩ, වාද්දුව.

ශ්‍රී ලංකාව.

දුරකථන අංකය : +94713698345

විද්‍යුත් ලිපිනය : sppps1899@gmail.com